ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය අමාත්‍යාංශය යටතට: ෂම්මි සිල්වා ඇතුළු විධායක කමිටුවේ ඉල්ලා අස්වීම අමාත්‍යවරයා පිළිගනියි…

0
8

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ (SLC) සභාපති ෂම්මි සිල්වා මහතා ඇතුළු විධායක කමිටුවේ ඉල්ලා අස්වීම ක්‍රීඩා අමාත්‍යවරයා විසින් අද දින පිළිගන්නා ලදී.

ඒ අනුව, 1973 අංක 25 දරන ක්‍රීඩා පනතේ 31 සහ 34 වගන්ති ප්‍රකාරව හිමිව ඇති බලතල අනුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සියලු පරිපාලන කටයුතු අද සිට තාවකාලිකව තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය යටතට පවරා ගැනේ.

ක්‍රිකට් ක්‍රීඩාවේ පවතින ගැටලුවලට විසඳුම් සෙවීම සහ ව්‍යුහාත්මක වෙනස්කම් සිදු කිරීම සඳහා  කමිටුව කඩිනමින් පත් කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here