එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 3-0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

0
568

ඇෆ්ගනිස්ථානය සමඟ පැවැති එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 3-0ක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකාව සමත් විය.

ඒ තෙවැනි එක්දින තරගයද කඩුලු 7කින් ජය ගනිමිනි.

පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන්නේ ඇෆ්ගනිස්ථානයයි.

ඔවුන් පන්දු වාර 48 යි පන්දු 2කදී සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 266ක් රැස් කිරීමට සමත් විය.

රහමට් ෂා ලකුණු 65 ක් රැස් කළ අතර අස්මතුල්ලා ඔමර්සායි ලකුණු 54 යි.

පන්දු යැවීමේදී ප්‍රමෝද් මදුෂාන් කඩුලු 3 ක් දවා ගත්තේය.

දුනිත් වෙල්ලාලගේ , අසිත ප්‍රනාන්දු සහ ප්‍රමෝද් මදුෂාන් කඩුලු 2 බැගින් දවා ගැනීමට සමත් විය.

පිලිතුරු ලෙස ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කලේ පැතුම් නිස්සංක සහ අවිශ්ක ප්‍රනාන්දු.

ඔවුන් දෙදෙනා ආරම්භක කඩුල්ලට ලකුණු 173ක් සබඳතාවයක් ගොඩ නැගීය.

අවිශ්ක ප්‍රනාන්දු ලකුණු 91 යි.

කුසල් මෙන්ඩිස් ලකුණු 40 කට දැවී ගියේය.

විශිෂ්ට ඉනිමක් ක්‍රීඩා කළ පැතුම් නිස්සංක තම එක්දින ක්‍රිකට් දිවියේ 5 වැනි ශතකය වාර්තා කරමින් ලකුණු 118 ක් රැස් කලේය.

පන්දු 101 කදී ගොඩ නැගුණු ඔහුගේ ඉනිමට 4 පහර 16 ක් සහ 6 පහර 2 ක් ඇතුළත් විය.

ශ්‍රී ලංකාව තරගය ජය ගත්තේ පන්දුවාර 35 යි පන්දු 2 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 267 ක් රැස් කරමිනි.

තරගය වීරයා සහ තරගාවලියේ වීරයා සම්මාන ද්විත්වයම පැතුම් නිස්සංකට හිමි විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here