ප්‍රසාද ලකුණු සටහනේ දෙවැනි තැන රැඳී සිටි දඹුල්ල ජයන්ස්ට් කණ්ඩායමට එරෙහිව කඩුලු 7 ක පහසු ජයක් වාර්තා කළ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම පළමු තරගාවලියේ පරිදිම දෙවැනි එල්.පී.එල්. තරගාවලියේ ද තවදුරටත් ප්‍රබලතම කණ්ඩායම තමන් යැයි ඊයේ (13 දා) ඔප්පු කර පෙන්වීය.මෙවර තරගාවලියේ පිට පිටම වාර්තා කරන ලද 5 වැනි තරග ජය ලෙසින් සටහන් වූ මෙම තරග ජයග්‍රහණයත් සමඟ අවසන් කණ්ඩායම් 4 අතර තරග වටයට කල් තියාම සිය ස්ථානය වෙන්කර ගැනීමටද ජැෆ්නා කිංග්ස් ක්‍රීඩකයෝ අද සමත්වූහ.
දෙවැනි එල්.පී.එල්. තරගාවලියේ 14 වැනි තරගය බවට පත් මෙම තරගයේදී දඹුල්ල ජයන්ට්ස් පිල ලකුණු 69 කට සීමා කිරීමට පන්දු යවන්නන් සමත්වද්දී එම ඉලක්කය හඹා ගිය ජැෆ්නා කිංග්ස් පිතිකරුවෝ පන්දු 64 ක් සහ කඩුලු 7 ක් ඉතිරිව සිය ඉලක්කය සපුරා ගත්හ.
තරගයේ වීරයා – චතුරංග ද සිල්වා
ලකුණු සාරාංශය
දඹුල්ල ජයන්ට්ස් පන්දුවාර 14.1 කදී සියලු දෙනා දැවී ලකුණු 69 යි – (පිල් සෝල්ට් 23, තරිඳු රත්නායක 14, චතුරංග ද සිල්වා 16/4, මහීෂ් තීක්ෂණ 21/3, වනිඳු හසරංග 16/1, ෂොයෙබ් මලික් 14/1, අෂේන් බණ්ඩාර 00/1)
ජැෆ්නා කිංග්ස් පන්දුවාර 9.2 කදී කඩුලු 3 ට ලකුණු 73 යි – (වනිඳු හසරංග 37, අවිෂ්ක ප්‍රනාන්දු 22*, ඉම්රාන් තහීර් 21/2, ජොෂ් ලිට්ල් 07/1)

















