ශූරතාව එස් එස් සී කණ්ඩායමට

0
500

අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාව එස් එස් සී කණ්ඩායමට හිමි විය.

අවසන් තරගයේදී පරාජයට පත් වුණේ සෙබෙස්තියනයිට්ස් කණ්ඩායමය.

තරගය පැවැත්වුණේ එස් එස් සී ක්‍රීඩාංගණයේදී .

පළමුවෙන් පන්දුවට පහරදුන් එස් එස් සී කණ්ඩායම පන්දු වාර 50 ඇතුළත කඩුලු 8 දැවී ලකුණු 201 ක් රැස් කිරීමට සමත් විය

ක්‍රිශාන් සන්ජුල ලකුණු 84 ක් සහ ශෙවෝන් ඩැනියල් ලකුණු 35 ක් රැස් කලේය.

පිළිතුරු ලෙස සෙබෙස්තියනයිට්ස් කණ්ඩායම පන්දුවාර 42 කදී සියලු ක්‍රීඩකයින් දැවී රැස් කළේ ලකුණු 130 ක් පමණි.

චාමිකර එදිරිසිංහ ලකුණු 37 යි.

ප්‍රභාත් ජයසූරිය කඩුලු 3 ක් බිද හෙලීය.

තරගයෙන් එස් එස් සී කණ්ඩායම ජය ගත්තේ ලකුණු 71 කිනි.

අවසන් තරඟයේ වීරයා කුෂාන් සංජුල.

තරඟාවලියේ හොඳම පන්දු යවන්නා ලෙස මූර්වින් අභිනාශ් සම්මාන දිනා ගත් අතර තරගාවලියේ දක්ශතම පිතිකරු යුරෝස් සමරසූරියයි.

තරගාවලියේ වීරයා ලෙස දුෂාන් විමුක්ති සම්මාන දිනා ගැනීමට සමත් විය.

තරගාවලිය සංවිධාන කලේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here