වයස අවු: 19 න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම ජාත්‍යන්තර ශූරතාවක් ශ්‍රී ලංකාවට හිමිකර දේ…

0
584

බංග්ලාදේශයේ සත්කාරකත්වයෙන් පැවැති 19න් පහළ කාන්තා තුන්කොන් ක්‍රිකට් තරගාවලියේ ශූරතාව ශ්‍රී ලංකා අවුරුදු 19න් පහළ කාන්තා ක්‍රිකට් කණ්ඩායම අද දිනා ගත්තේය.

සත්කාරක බංග්ලාදේශය, ශ්‍රී ලංකාව සහ පාකිස්තාන යොවුන් කාන්තා පිල සහභාගීවූ මෙම තරගාවලියේ අද පැවැති බංග්ලාදේශය හා ශ්‍රී ලංකාව අතර, අවසන් තරගයේදී ලකුණු 36ක ජයක් ශ්‍රී ලංකා යොවුන් කාන්තාවෝ හිමිකර ගත්හ.

අවසන් තරගය බංග්ලාදේශයේ කොක්ස් බසාර්හී ෂෙයික් කමල් ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ දී පැවැත්විණි.

තුන්කොන් ශූරතාව දිනාගත් ශ්‍රී ලංකා යොවුන් කාන්තා සංචිතය මෙසේය:- මනුදි නානායක්කාර (නායිකාව), රශ්මිකා සෙව්වන්දි (උපනායිකාව), විශ්මි ගුණරත්න, සුමුදු නිසංසලා (කඩුලු රකින්නිය), රශ්මි නේත්‍රාංජලී, රිස්මි සංජනා, සංජනා කාවින්දි, විශ්මි සවින්දි, අශානි කෞෂල්‍යා, විමෝක්ෂ බාලසූරිය, යසන්ති නිමන්තිකා, දහමි සනෙත්මා, ශෂිනි ගිම්හානි, නෙත්මි සේනාරත්න සහ දෙව්මි විහඟා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here