ඉන්දියාව හා ඕස්ට්‍රේලියාව අතර පැවති කාන්තා ලෝක කුසලානයේ දෙවන අර්ධ අවසන් පූර්ව තරගයෙන් ජය ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.
ඒ අනුව ඔවුන් කාන්තා ලෝක කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගත්තා.
තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහරදුන් ඕස්ට්‍රේලියානු කණ්ඩායමක් පන්දුවාර 49.5ක් අවසානයේ සියළු දෙනා දැවී ලකුණු 338ක් රැස් කිරීමට සමත්වුණා.
ඕස්ට්‍රේලියාව වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩාකළ ෆෝබි ලිච්ෆීල්ඩ් ලකුණු 119ක් රැස්කළ අතර එලිස් පෙරී ලකුණු 77ක් ලබා ගත්තා.
එමෙන්ම ඇෂ්ලි ගාඩ්නර් ලකුණු 63ක් සහ බෙත් මූනි ලකුණු 24ක් රැස්කළ ගත්තා.
පන්දු යැවීමේදී ඉන්දීය කණ්ඩායාම වෙනුවෙන් නල්ලපුරෙඩ්ඩි චරණි ලකුණු 49කට කඩුළු 02ක් සහ දීප්ති ශර්මා ලකුණු 73කට කඩුළු 02ක් දවා ගැනීමට සමත් වුණා.
පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ ඉන්දීය කණ්ඩායම කඩුළු 05ක් පමණක් දැවී ලකුණු 341ක් ලබාගනිමින් තරගය ජය ගැනීමට සමත්වුණා.
ඉන්දීය කණ්ඩායම වෙනුවෙන් ස්මෘති මන්දනා ලකුණු 24ක් සහ හර්මන්ප්‍රීත් කෞර් ලකුණු 89ක් ලබා ගත්තා.
ඉන්දියාව වෙනුවෙන් විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩාකළ ජෙමිමා රොඩ්‍රිගස් ලකුණු 127ක් රැස්කිරීමට සමත් වුණා.
පන්දු යැවීමේදී කිම් ගාර්ත් කඩුළු 02ක් සහ ඇනබෙල් සදර්ලන්ඩ් කඩුළු 02ක් දවාගත්තා.
ඒ අනුව ඉන්දියානු කාන්තා කණ්ඩායම අවසන් මහා තරඟයට දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම එරෙහිව නොවැම්බර් 02 මුම්බායි හිදී තරග කිරීමට සූදානම්
තරිදු මධුෂාන්


















