එංගලන්ත කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර පැවති ICC කාන්තා එක්දින ලෝක කුසලාන අවසන් පූර්ව තරගය ජයග්‍රහණය කිරීමට දකුණු අප්‍රිකා කාණ්ඩායම සමත් වුණා.
ඒ අනුව, දකුණු අප්‍රිකා කණ්ඩායම ලෝක කුසලාන අවසාන මහා තරගයට සුදුසුකම් ලබා ගනිමින් තම ඉතිහාසයේ පළමු වතාවට ලෝක කුසලාන අවසානයට පිවිසුණා.
පළමුවෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකාණු කණ්ඩායම පන්දු වාර 50 අවසානයේදී කඩුළු 7ක් දැවී ලකුණු 319ක් රැස් කළා.
එයට පිළිතුරු ලෙස ක්‍රිඩා කල එංගලන්ත කණ්ඩායම සියළු දෙනා දැවී ලකුණු 194ක් පමණක් රැස් කළ අතර, පන්දු වාර 42.3කදී ඔවුන්ගේ ඉනිම අවසන් විය.
දකුණු අප්‍රිකාව වෙනුවෙන් විශිෂ්ට දක්ශතා දැක්වු ලෝරා වොල්වාඩ් පන්දු 142 කින් ලකුණු 169 රැස් කල අතර එයට 4 පහර 14 ක් සහ 6 පහර 3ක්ද ඇතුලත් විය.
පන්දු යැවීමේදී එංගලන්තය වෙනුවෙන් ලෝරන් බෙල් ලකුණු 55කට කඩුළු 02ක් දවා ගැනීමට සමත්ව තිබෙනවා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් නැට් ස්කිවර්-බ්‍රන්ට් ලකුණු 64ක් සහ ඇලිස් කැප්සි ලකුණු 50 රැස් කිරීමට සමත් වුණා.
පන්දු යැවීමේදී දකුණු අප්‍රිකාව වෙනුවෙන් මරිසන් කැප් කඩුළු 05ක් සහ නඩින් ද ක්ලර්ක් කඩුළු 02ක් දවා ගත්තා.
දකුණු අප්‍රිකා කණ්ඩායම 2025 කාන්තා ලෝක කුසලාන අවසාන තරගයේදී, ඔක්තෝබර් 30 වන දින Navi Mumbai හිදී පැවැත්වෙන දෙවන අර්ධ-අවසාන තරගයේ ජයග්‍රහණය ලබා ගන්නා කණ්ඩායම (ඉන්දියාව හෝ ඔස්ට්‍රේලියාව) සමඟ මුහුණපානු ඇත.
තරිදු මධුෂාන්



















