රටවල් 06ක සහභාගිත්වයෙන් කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ පැවති මධ්‍යම ආසියානු පිරිමි වොලිබෝල් තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට සත්කාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමත්වුණා.
ඒ අවසන් මහා තරගයෙන් උස්බෙකිස්ථානයට එරෙහිව තරග වට 3-0ක පහසු ජයක් අත්කර ගනිමිනි.
ශ්‍රී ලංකා ක්‍රීඩකයෝ මූලික වටයේ තරගයකදී උස්බෙකිස්ථානය හමුවේ තරග වට 3-2ක් ලෙස පරාජය වී තිබූ පසුබිමක අවසන් තරගය විශිෂ්ට ලෙස ජයගැනීම සුවිශේෂිය.
අවසන් ලකුණු තත්ත්වය දැක්වුණේ ලකුණු 25-14ක්, 25-18ක් සහ 25-22ක් වශයෙනි.
මෙම තරගාවලියේ පසුගියවර (2021) ශූරතාව දිනා ගත්තේද ශ්‍රී ලංකාවයි.