ශ්‍රී ලංකා ක්‍රිකට් නව පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ආර්.ශ්‍රීධර් පත්කෙරේ……..

0
107

ශ්‍රී ලංකා ක්‍රිකට් නව පන්දු රැකීමේ පුහුණුකරු ලෙස ආර්.ශ්‍රීධර් පත්කෙරේ ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට නව පන්දු රැකීමේ පුහුණුකරුවෙක් පත් කර තිබෙනවා. ඒ ඉන්දීය ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු පන්දු රැකීමේ පුහුණුකරුවන ආර්.ශ්‍රීධර්. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ ආර්.ශ්‍රීධර් එළඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අවසන් වන තෙක් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන බවයි. ආර්.ශ්‍රීධර්. 2014 වසරේ සිට 2021 වසර දක්වා ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ පන්දු රැකීමේ පුහුණුකරු ලෙස කටයුතු කර තිබෙනවා. ශ්‍රීධර් එළඹෙන ශ්‍රී ලංකා පිලේ පාකිස්තාන තරගාවලියේ සිට ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ පුහුණුවීම් ආරම්භ කිරීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here