අන්තර් ජාතික ක්‍රිකට් කවුන්සිලය (ICC) නිකුත් කළ නවතම විස්සයි20 පිතිකරණ ශ්‍රේණිගත කිරීම් අනුව, ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක තුන්වැනි තැනට ඉස්මතු වී ඇත. මෙම ශ්‍රේණිගත කිරීම්වල මුල් ස්ථාන 3ට පැමිණීම වසර 10කට පසුව සිදු වීමත් විශේෂත්වයකි.
පැතුම්ට ඉදිරියෙන් සිටින්නේ ඉන්දියාවේ අභිෂේක් ෂර්මා සහ එංගලන්තයේ පිල් සෝල්ට් ය. විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ, පැතුම්ගේ ස්ථායී පිතිකරණ දක්ෂතාවය සහ තරඟවලදී පෙන්වන විශ්වාසනීයභාවය මේ සාර්ථකත්වයට බලපා ඇති බවයි.
එමෙන්ම, ඊයේ පාකිස්තානයට එරෙහිව පැවති පළමු එක්දින තරගයේ දක්වූ දක්ෂතා මත ශ්‍රී ලංකා දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගICC පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්වල 9වැනි ස්ථානයට පැමිණ ඇත.
අමතරව, ජාත්‍යන්තර විස්සයි20 පන්දු යවන්නන්ගේ ශ්‍රේණිගත කිරීම්වල ඔහු 4 වන ස්ථානයේ රැඳී සිටී, ඒ අනුව ඔහු ලෝකයෙහි ඉහළ දක්‍ෂ පන්දු යවන්නන් අතරින් එකක් බව තහවුරු කරයි.
තරිදු මධුෂාන්














