ශ්‍රී ලංකාවට එරෙහිව පැවති පළමු එක්දින ජාත්‍යන්තර (ODI) ක්‍රිකට් තරගයේදී නියමිත කාලය තුළ සිය පන්දුවාර සංඛ්‍යාව සම්පූර්ණ කිරීමට අපොහොසත් වූ නිසා පාකිස්ථාන ක්‍රිකට් කණ්ඩායමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය (ICC) විසින් දඩයක් නියම කර තිබේ.
ICC නිකුත් කළ නිවේදනය අනුව, පාකිස්ථාන ක්‍රීඩකයන්ට ඔවුන්ගේ තරග ගාස්තුවෙන් (20%) දඩ මුදලක් ගෙවීමට සිදුවන බව සඳහන් වෙයි.
ඇලෙක්ස් වෝෆ් සහ අසිෆ් යාකොබ් යන විනිසුරුවරුන්, තුන්වන විනිසුරු ෂර්ෆුද්දූලා ඉබ්නේ ෂාහිඩ් සහ සිව්වන විනිසුරු රෂීඩ් රියාස් විසින් මෙම චෝදනාව ඉදිරිපත් කළාය.
කාල දීමනා සලකා බැලීමෙන් පසු, ෂහීන් අෆ්රිඩිගේ නායකත්වය යටතේ ක්‍රීඩා කළ පාකිස්ථාන කණ්ඩායම ඉලක්කයට වඩා ඕවර හතරකින් පසුබැසී සිටින බව තීරණය කළ අතර, එම අනුව ICC තරග තීරක මණ්ඩලයේ එමිරේට්ස් නියෝජිත අලි නක්වි විසින් දඩ නියම කිරීම සිදුකරන ලදී.
තරිදු මධුෂාන්














