Celebrity Tapeball League 2026 තරගාවලිය ලබන 2026 වසරේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට සැලසුම් කොට ඇති බව නිල වශයෙන් ප්‍රකාශ කරන ලදී. මෙම අවස්ථාව 10 දින තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ ප්‍රධානත්වයෙන් සුගතදාස ගෘහස්ථ ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වුණි.
ශ්‍රී ලංකා ටේප්බෝල් (Sri Lanka Tapeball – SLT) සහ ඇමරිකාවේ ප්‍රමුඛ ක්‍රීඩා ආයතනයක් වන Super Sixty එකඟත්වය පළ කරමින් 2026 වසරේ ආරම්භයේදී ශ්‍රී ලංකාවේ මෙම අභ්‍යන්තර තරගාවලිය සංවිධානය කිරීමට නියමිත බව තහවුරු විය.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, පකිස්ථානය සහ බංග්ලාදේශය යන රටවල්හි ජනප්‍රිය නළු නිළියන් සහ ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙම තරගාවලියට එක්වීමට නියමිත අතර, ශ්‍රී ලංකාවේ සංචාරක ක්‍රීඩා ක්ෂේත්‍රය (sport tourism) ප්‍රවර්ධනය කිරීම සහ ටේප්බෝල් ක්‍රීඩාව ප්‍රචලිත කිරීම මෙම තරගාවලියේ ප්‍රධාන අරමුණ වේ.
මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ටේප්බෝල් සභාපති ජනත් පුංචිහේවා, Super Sixty (USA) ආරම්භක හා නායක අෂ්හාර් කාස්මි, පාකිස්ථාන ක්‍රිකට් හිටපු නායක මොයින් ඛාන්, චිත්‍රපට නළු සාඋද්, ප්‍රසිද්ධ ක්‍රීඩක නබීල් හෂ්මි, SLT ජ්‍යෙෂ්ඨ උප සභාපති දුමිදු හේමාල් සහ SLT ප්‍රධාන ලේකම් රුචිනි ලියනගේ යන මහත්ම මහත්මීන් එක්ව සිටියා.
තරිඳු මධුෂාන්