තියුණු තරගයකින් පසු ප්‍රථම එක්දින තරගය ජයග්‍රහණය කිරීමට පාකිස්තාන කණ්ඩායම සමත් වෙයි..

0
40

තරග තුනකින් සමන්විත ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර තරගයේ ප්‍රථම තරගයෙන් ජයග්‍රහණය කිරීමට පාකිස්තාන කණ්ඩායම සමත් වුණා.

තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකා කණ්ඩායම් නායකයා තීරණය කළේ පළමුවෙන් පන්දු යැවීමටයි. ඒ් අනුව පළමුව පන්දුවට පහරදුන් පාකිස්තාන කණ්ඩායම කඩුළු 05ක් දැවී ලකුණු 299ක් රැස් කළා.

ඒ අනුව ජයග්‍රහණය සඳහා ශ්‍රී ලංකාවට අවශ්‍ය ලකුණු 300ක් විය. පිළිතුරු ඉනිම හඹාගිය ශ්‍රී ලංකා කණ්ඩායම 50 පන්දු අවසානයේ කඩුළු 09ක් දැවී 292 ලකුණු රැස් කළා. ඒ අනුව පාකිස්තානයට ලකුණු 06ක ජය හිමිවුණා.

ශ්‍රී ලංකාව වෙනුවෙන් වනිඳු හසරංග 59, සදීර සමරවික්‍රම 39, කමිල් මිශාර 38, නිස්සංක 29, නායක චරිත් අසලංක 32, ජනිත් ලියන 28ක් ලබා ගත්තේය.

පාකිස්තානය වෙනුවෙන්, සල්මන් අලි අගා 105, හුසේන් තලාත් 62, ෆකාර් සමාන් 32, බාබර් අසාම් 29ක් ලකුණු ලබා ගත්තේය.

පන්දු යැවීමේදී පාකිස්තානය වෙනුවෙන් හරිස් රවුෆ් කඩුළු 04ක් දවා ගත්තේය. ශ්‍රී ලංකාව වෙනුවෙන් වනිඳු හසරංග කඩුළු 03ක් සහ මහීෂ් තීක්ෂණ කඩුළු 01ක් ලබා ගත්තේය.

තරිඳු මධුෂාන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here