23 වන ආසියානු ප්‍රවීණ මලල ක්‍රීඩා තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගි වූ ක්‍රීඩකයින් හා ක්‍රීඩිකාවන්, සමස්ත තරගාවලියේදී පදක්කම් 139ක් දිනා අනු ශූර තත්වය ලබාගැනීමට සමත් වී, පසුගියදා දිවයිනට ආපසු පැමිණියහ.
මෙම උළෙල ඉන්දියාවේ චෙන්නායි නුවර ජවහර්ලාල් නේරු ක්‍රීඩාංගණයේදී, නොවැම්බර් 5 සිට 9 දක්වා පැවැත්වුණි.
ආසියානු රටවල් 22කින් ක්‍රීඩකයින් 4,000කට වැඩි පිරිසක් සහභාගි වූ අතර, ශ්‍රී ලංකාව නියෝජනය කරමින් වයස 35 සිට 90 දක්වා වූ ක්‍රීඩකයින් 224 දෙනෙක් තරගාවලියට එක්ව සිටියහ.
ශ්‍රී ලංකා ක්‍රීඩකයින් විසින් දිනාගත් පදක්කම් මෙසේය:
- රන් පදක්කම්: 40
- රිදී පදක්කම්: 54
- ලෝකඩ පදක්කම්: 45
- සමස්ත පදක්කම්: 139
ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනට පැමිණි අවස්ථාවේදී, ඔවුන්ගේ ජයග්‍රහණය සමරමින් විශේෂ උත්සවයක් සංවිධානය කරන ලදි.
ශ්‍රී ලංකා ප්‍රවීණ ක්‍රීඩා සංගමය, ක්‍රීඩකයින්ගේ කැපවීම හා දක්ෂතා පිළිබඳව ගෞරවයෙන් ප්‍රකාශ කළේය.
තරිඳු මධුෂාන්














