ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම පාකිස්තානයට පිටත්ව යයි

0
70

ODI තරග 3ක් සහ T20 තුන්කොන් තරගාවලියකට සහභාගී වීමට නියමිතය

චරිත් අසලංකගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම අද උදෑසන පාකිස්තානය බලා පිටත්ව ගියේ ජාත්‍යන්තර එක්දින තරග මාලාවක් සහ විස්සයි20 තුන්කොන් තරගාවලියකට සහභාගී වීම සඳහාය.

මෙම සංචාරය අතුරින් ශ්‍රී ලංකා කණ්ඩායම පළමුව පාකිස්තාන කණ්ඩායමට එරෙහිව එක්දින තරග 3ක මාලාවකට ඉදිරිපත් වන අතර, එම තරගයන් රාවල්පින්ඩි නුවරදී නොවැම්බර් 11, 13 සහ 15 යන දිනවලදී පැවැත්වීමට නියමිතය.

එක්දින තරගාවලියෙන් පසු සිම්බාබ්වේ ක්‍රිකට් කණ්ඩායමත් එක්වමින් පාකිස්තානය, ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ තරග කරන ජාත්‍යන්තර T20 තුන්කොන් තරගාවලිය නොවැම්බර් 17 වැනිදා ආරම්භ වීමට නියමිතය.

මෙම තරගාවලියේ තරග රාවල්පින්ඩි සහ ලාහෝර් නගරවල ක්‍රීඩා කරනු ඇති අතර, අවසාන තරගය නොවැම්බර් 29 වැනිදා පැවැත්වීමට සැලසුම් කර තිබේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් සංගමය සඳහන් කර සිටින්නේ මෙම සංචාරය මඟින් කණ්ඩායමට 2025 වසරේදී පැවැත්වෙන එක්දින සහ විස්සයි20 ලෝක කුසලාන තරගාවලි සඳහා වඩාත් ශක්තිමත් සූදානමක් ලබා ගත හැකි බවය.

තරිදු මධුෂාන්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here