අන්තර්ජාතික විස්සයි විස්ස පිතිකරුවන් නවතම ශ්‍රේණිගත කිරීම් අනුව, ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක 4වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණීමට සමත්ව තිබෙනවා.
ඉන්දීය කණ්ඩායමේ අභිෂේක් ෂර්මා 1වැනි ස්ථානය හිමිකරගෙන ඇති අතර, එංගලන්ත ක්‍රීඩක ෆිල් සෝල්ට් 2වැනි ස්ථානයේ පසුවේ. තිලක් වර්මා (ඉන්දියාව) 3වැනි ස්ථානයේ සිටින අතර, ජොස් බට්ලර් (එංගලන්තය) 5වැනි ස්ථානයේ පසුවේ.
එසේම, ශ්‍රී ලංකා කණ්ඩායමේ කුසල් පෙරේරා සහ කුසල් මෙන්ඩිස් 9වැනි සහ 17වැනි ස්ථාන වලට පිවිස තිබේ.
මෙම ඉදිරිගැන්ම නිසා, ශ්‍රී ලංකා පිතිකරුවන් තුන්දෙනෙකු මේ වනවිට ලෝකයේ ප්‍රමුඛ 20 පිතිකරුවන් අතරට ඇතුළත් වී සිටිති.
තරිදු මධුෂාන්



















