පාසල් සඳහා ක්‍රිකට් ක්‍රීඩා භාණ්ඩ බෙදා දීම (29) දින මහනුවර ඊ. එල්. සේනානායක පුස්තකාල ශ්‍රවණාගාරයේ දී පැවැත්විය. මෙහිදී ප්‍රතිලාභ ලැබූ පාසල් ලෙස මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් 22 ක් ද, මාතලේ දිස්ත්‍රික්කයේ පාසල් 21 ක් ද විය.
මෙම අවස්ථාව සඳහා ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න, පාර්ලිමේන්තු මන්ත්‍රී තනුර දිසානායක, අතිරේක දිස්ත්‍රික් ලේකම් ලලිත් ඇටම්පාවල ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී විය.
මෙහිදී අදහස් දක්වමින් ක්‍රීඩා නියෝජ්‍ය අමාත්‍ය සුගත් තිලකරත්න පැවසුවේ, ශරීර සෞඛ්‍ය මෙන්ම මානසික සෞඛ්‍ය වඩාත් නිවැරදිව පවත්වා ගැනීමට ක්‍රීඩාව ඉතා වැදගත් වන බවයි.
‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ගොඩනැගීම උදෙසා ක්‍රීඩාව උපයෝගී කරගන්නා බවත්, මමත්වයකින් තොර සමාජයක්, සාමූහිකත්වය මත පදනම් වූ සමාජයක් ගොඩනැගීම වෙනුවෙන් අවශ්‍ය මැදිහත්වීම සිදුකරන බවත් අමාත්‍යවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවේ ය.
තරිදු මධුෂාන්



















