ක්‍රිඩා සහ යෞවන කටයුතු අමාත්‍යංශය , සංචාරක අමාත්‍යංශය එක්ව පවත්වනු ලබන “ශ්‍රි ලංකා ස්පෝර්ට්ස් ෆියෙස්ටා 2024” අගෝස්තු 16 සිට 18 වැනිදා දක්වා කොළඹ දී පැවැත්වීමට නියමිතයි.
“ශ්‍රි ලංකා ස්පෝර්ට්ස් ෆියෙස්ටා”, ශ්‍රි ලංකාවේ දැවැන්තම ක්‍රීඩා සැණකෙළිය මෙන්ම දකුණු ආසියාවේ එවැන්නක් පැවැත්වෙන පළමු අවස්ථාව ද මෙයයි.
මෙම දැවැන්ත සැණකෙළිය ක්‍රිකට්, රග්බි, පාපන්දු , වොලිබෝල්, නෙට්බෝල්, හොකි සහ පැසිපන්දු යන මෙරට වඩාත් ජනප්‍රිය කණ්ඩායම ක්‍රීඩා හතකින් සමන්විත වනු අතර ක්‍රීඩක ක්‍රීඩිකාවන් 3000කට අධික සංඛ්‍යාවක් ඒ සඳහා සහභාගී වනු ඇත.
දේශිය ක්‍රීඩා හැකියාවන් එළිදැක්වීම සහ මීළඟ පරම්පරාවේ ක්‍රීඩක, ක්‍රීඩිකාවන් දිරිගැන්වීම අරමුණු කරගනිමින් නිර්මාණය වන තරඟ අවස්ථාවක් වන මෙම “ශ්‍රි ලංකා ස්පෝර්ට්ස් ෆියෙස්ටා 2024” ක්‍රීඩකයින්ට සිය දක්ෂතා ප්‍රදර්ශනය කිරීමට මෙන්ම ඉහළ මට්ටමේ තරග අවස්ථාවක් සඳහා වේදිකාව බවට පත් වේ.
එමෙන්ම මෙම සැණකෙළියේ ක්‍රිකට් තරග බිලුම්ෆිල්ඞ් සභ තර්ස්ටන් ක්‍රීඩාංගණවල ද, රග්බි සභ පාපන්දු තරගාවලි තුරග තරග පිටියේද පැවැත්වීමට නියමිතයි. එමෙන්ම මෙහි චොලිබෝල් තරග කොළඹ රාජකීය විදුහල් ගෘහස්ථ ක්රීඩාගාරයේදීද නෙට්බෝල් තරග ටොරින්ටන් පිටියේදීද පැවැත්වීමට නියමිතය. භොකී තරග කෘත්‍රිම හොකී පිටියේද පැසිපන්දු තරග 3×3 ක්රිඩාංගණයේද පැවැත්වීමට සැලසුම් කර ඇත.
මෙම ක්‍රීඩා පැවැත්වෙන පරිශ්‍රයන්හි සෑම වයස් කාණ්ඩයක් සදහාම විනෝදාස්වාද අවස්තා පිරිනැමෙන ක්‍රියාකාරකම් රැසක් එක් කර ඇත. විනෝද ක්‍රීඩා, ප්‍රදර්ශන, ප්‍රනීත ආහාර වර්ග, සැනකෙළි සිරිය තවත් විචිත්‍රවත් කරමින් පැවැත්වෙන රාත්‍රී ප්‍රසංග ආදියෙන්ද සමන්විත මෙය පවුලේ සැමට එකට එක්ව ගත කිරීමට අපූරු අවස්තාවක් නිර්මාණය කර දෙන්නකි.
මෙම ක්‍රීඩා සැණකෙළියේ ප්‍රධාන අනුග්‍රාහකයා ලෙස, ඩයලෝග් සමාගම ThePapare TV (නාලිකා අංක 63) ThePapare TV (නාලිකා අංක 126) Dialog Viu සහ ThePapare.com හරහා ශ්‍රි ලංකාවේ ක්‍රීඩා ලෝලි ජනතාව වෙත මෙම ක්‍රීඩා සැණකෙළියේ දසුන් සජීවිව විකාශය කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇත.
-ප්‍රසාද් සේනාධීර-