ජස්වර් උමර් පාපන්දුවෙන් ශ්‍රී ලංකාව ගොඩ ගැනීමට සැරසෙයි. රටවල් රැසක එකඟතාවය.

0
82

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනය (FIFA) විසින් සමාරම්භක FIFA World Series පාපන්දු තරගාවලිය රටවල් හතරක සහභාගිත්වයෙන් මාර්තු මස 22දා සිට 25දා දක්වා කොළඹදී පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

පසුගියදා කටාර් රාජ්‍යයේ දෝහාහි පැවති AFC ආසියානු කුසලාන සමාරම්භක උත්සවයට සමගාමීව ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ (FFSL) සභාපති ජස්වර් උමාර්, උපසභාපතිවරුන් වන රංජිත් රුද්‍රිගෝ සහ මනිල් ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් යුත් පාපන්දු ශ්‍රී ලංකා පාපන්දු දූත පිරිස FIFA සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ හමුවූ මොහොතේදී මීට අදාළ එකඟතාව හිමිව තිබුණි.

ඒ අනුව FIFA World Series පාපන්දු තරගාවලියට ශ්‍රී ලංකාව සත්කාරකත්වය දක්වන අතර මධ්‍යම අප්‍රිකාව, පැපුවානිව්ගීනියාව සහ භූතානය සහභාගී වනවා.

මාර්තු මස 22 වැනිදා තරග 02ක් පැවැත්වෙන අතර, පළමු තරගය පෙරවරු 3.30ට මධ්‍යම අප්‍රිකාව සහ භූතානය තරග කරන අතර, පස්වරු 8.45ට ශ්‍රී ලංකාව සහ පැපුවානිව්ගීනියාව තරග කරනවා.

මීට අමතරව මාර්තු මස 25 වැනිදා පෙරවරු 3.30ට මධ්‍යම අප්‍රිකාව සහ පැපුවානිව්ගීනියාව තරග කරන අතර පස්වරු 8.45ට ශ්‍රී ලංකාව සහ භූතානය තරග වදිනවා.

තරගාවලියේ සියලු තරග කොළඹ තුරග තරග පිටියේදී පැවැත්වීමට සූදානම් කර තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here