වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය

0
294

වයස අවුරුදු 19 න් පහළ ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ 22 පැවති තරගවලින් ඔස්ට්‍රේලියාව සහ බංග්ලාදේශය ජය වාර්තා කර තිබේ.

තරගාවලිය, දකුණු අප්‍රිකාවේදී පැවැත්වේ.

ඔස්ට්‍රේලියාව, ඊයේ තරගවැදුණේ නැමීබියාව සමගිනි.

පළමුවෙන් පන්දුවට පහර දුන් නැමීබියාව, පන්දුවාර 33 යි පන්දුවක් අවසානයේ සියලු ක්‍රීඩකයින් දැවී ලකුණු 91 ක් රැස් කලේය.

ඔස්ට්‍රේලියාව තරගය ජය ගත්තේ, පන්දුවාර 19 යි පන්දු 5 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 95 ක් රැස් කරමිනි.

බංග්ලාදේශය සහ අයර්ලන්තය අතර තරගය ද ඊයේ පැවැත්විණ.

එහි පළමුවෙන් පන්දුවට පහර දුන් අයර්ලන්තය, පන්දුවාර 50 ‍ඇතුළත කඩුලු 8 ක් දැවී ලකුණු 235 ක් රැස් කලේය.

පිළිතුරු ලෙස බංග්ලාදේශය තරගය ජය ගත්තේ, පන්දුවාර 46 යි පන්දු 5 ක් අවසානයේ කඩුලු 4 ක් දැවී ලකුණු 239 ක් රැස් කරමිනි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here