තරඟ 3 ට 0 ක් ලෙස ඉන්දියාවට 20-20 ජයක්.

0
354

ඇ‍ෆ්ගනිස්තානය සමග පැවති තුන්වැනි 20-20 ක්‍රිකට් තරගය, දෙවැනි සුපිරි පන්දු වා‍රයේදී ජය ගැනීමට ඉන්දියාව සමත් විය.

ඒ අනුව, ඉන්දියාව තරගාවලිය ජය ගත්තේ, තරග 3 ට බින්දුවක් ලෙසිනි.

බැංගලෝර් හිදී පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන්නේ, ඉන්දීය කණ්ඩායමයි.

ඔවුන්, පන්දුවාර 20 ඇතුළත කඩුලු 4 ක් දැවී ලකුණු 212 ක් රැස් කිරීමට සමත් විය.

විශිෂ්ට ඉනිමක් රැස් කළ රෝහිත් ශර්මා පන්දු 69 කදී නොදැවී ලකුණු 121 යි.

ඔහුගේ ඉනිමට 4 පහර 11 ක් සහ 6 පහර 8 ක් ඇතුළත්.

රින්කු සිං නොදැවී ලකුණු 69 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේදී ෆරීඩ් අහමඩ් කඩුලු 3 යි.

පිළිතුරු ලෙස ඇෆ්ගනිස්තානය ද පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 212 ක් රැස් කිරීමට සමත් විය.

ගුල්බඩීන් නයිබ් නොදැවී ලකුණු 55 යි.

ඊබ්‍රහීම් සාඩ්‍රන් සහ රහමනුල්ලා ගුර්බාස් ලකුණු 50 බැගින් රැස් කළා.

පන්දු යැවීමේදී වොෂිංටන් සුන්දර් කඩුලු 3 ක් බිද හෙලීය.

දෙපිලේම ලකුණු තත්වය සම වීම හේතුවෙන්, ජය පරාජය තීරණය කිරීමට සුපිරි පන්දුවාරයක් ලබා දුන්නා.

එහි පළමුවෙන් පන්දුවට පහර දුන් ඇෆ්ගනිස්තානය, ලකුණු 16 ක් රැස් කළ අතර, ඉන්දියාව ද ලකුණු 16 ක් රැස් කලේය

ඒ අනුව, දෙපිලමට තවත් සුපිරි පන්දුවාරය බැගින් ලබා දුන්නා.

එහිදී, පළමුවෙන් පන්දුවට පහර දුන් ඉන්දියාව ලකුණු සංඛ්‍යාව 11 කි.

පිළිතුරු ලෙස ඇෆ්ගනිස්තානයේ කඩුලු 2 ක් පන්දු තුනක් තුළ දැවී යාමත් සමග තරගයේ ජය ඉන්දියාවට හිමි විය.

20-20 ජාත්‍යන්තර තරග ඉතිහාසයේ සුපිරි පන්දුවාර 2 ක් ලබා දුන් පළමු තරගය ලෙසයි, මෙය සැලකෙන්නේ.