අන්තර් සමාජ රග්බි ලීග් තරගාවලියේ පොලිස් කණ්ඩායම සමග පැවති තරගයෙන් ජය වාර්තා කිරීමට සී එච් ඇන්ඩ් එෆ් සී කණ්ඩායම සමත් විය.
තරගය පැවැත්වුණේ, තුරග තරග පිටියේදී.
තරගයේ පළමු අර්ධය නිමා වන විට ලකුණු 18 ට 7 ක් ලෙස පෙරමුණ ගැනීමට සී එච් ඇන්ඩ් එෆ් සී කණ්ඩායම සමත් විය.
දෙවැනි අර්ධයේදී සී එච් ක්‍රීඩකයින් කිසිදු ලකුණක් රැස් කළේ නැහැ.
පොලිස් කණ්ඩායම එහිදී රැස් කළ ලකුණු සංඛ්‍යාව 5 ක්.
ඒ අනුව, ලකුණු 18ට 12 ක් ලෙස ජය වාර්තා කිරීමට සී එච් ඇන්ඩ් එෆ් සී කණ්ඩායම සමත් විය.
ජයග්‍රාහී කණ්ඩායම ලකුණු රැස් කළේ, උත්සාහක දිනුම් 3 කින් සහ දඬුවම් පහරකිනි.