ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලිය අද ආරම්භ විය.
එය ලබන 28 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතව තිබේ.
මෙම වසරේ පැවැත්වෙන පළමු ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් තරගාවලියද මෙයයි.
මෙල්බර්න් නුවරදී පැවැත්වෙන තරගාවලිය ක්‍රීඩක ක්‍රීඩිකාවන් 128 දෙනා බැගින් සහභාගී වේ.
මෙවර පැවැත්වෙන්නේ 112 වැනි ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියයි.
පසුගිය වසරේ පැවැති ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරගාවලියේ පිරිමි කේවල ශුරතාව හිමි කර ගත්තේ සර්බියාවේ නොවැක් යොකැවිච්.
කාන්තා ශූරතාව හිමි කර ගැනීමට බෙලරුස් ක්‍රීඩිකා අරීනා සෙබලෙන්කා සමත් විය.
මේ වන විට නොවැක් යොකැවිච් දිනා ගෙන ඇති ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතා ගණන 24 ක්.
ලොව වැඩිම ග්‍රෑන්ඩ් ස්ලෑම් ටෙනිස් ශූරතා සංඛ්‍යාවක් හිමි කර ගත් ක්‍රීඩකයා හෝ ක්‍රීඩකාව බවට පත් විමට නොවැක් යොකැවිච් අවශ්‍ය වන්නේ තවත් එක් ශූරතාවයක් පමණයි.