ආසියානු පැරා ක්‍රීඩා උලෙළට සහභාගිවීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම දිවයිනෙන් පිටව යයි.

0
306

සිවුවැනි වරට පැවැත්වෙන ආසියානු පැරා ක්‍රීඩා උලෙළට සහභාගිවීම සඳහා 26 දෙනකුගෙන් යුතු ශ්‍රී ලංකා කණ්ඩායම පෙරේදා රාත්‍රියේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් චීනය බලා පිටත්ව ගියේය.

දිනේෂ් ප්‍රියන්ත විසින් කණ්ඩායමේ නායකත්වය දරනු ලබන අතර  ඔහු ඇතුලු කණ්ඩායම මලල ක්‍රීඩා, මේස පන්දු, , බැඩ්මින්ටන්, පිහිනුම් සහ ඔරු පැදීම යන ක්‍රීඩා ඉසව් සඳහා සහභාගි වීමට නියමිතයි. ක්‍රීඩා උලෙළ මේ මස 22 වැනිදා සිට 28 වැනිදා දක්වා චීනයේ හන්ජෝ නුවරදී පැවැත්වීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here