ක්‍රිකට් ආයතනයේ සල්ලි නිළියන්ට වියදම් කළාද?

0
75

ඕස්ට්‍රේලියාවේ පැවති පසුගිය විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට අදාළව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ක්‍රියාකාරිත්වය පිළිබඳ නිකුත් වූ වාර්තාවට අදාළව වෝහාරික විගණන  වාර්තාවේ අඩංගු කරුණු සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා ප්‍රචාරය වන පුවත් සම්බන්ධයෙන් පිළිතුරු දීමට ක්‍රිකට් බලධාරීන් විසින් විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවක් කැදවා තිබිණ.

සමාජ මාධ්‍ය හරහා චොදනාවට ලක් වූ මාතෘකා අතර නළු නිළියන්ට සහ හිතවතුන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදලින් ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලි නැරඹිම සදහා මුදල් වියදම් කර ඇති බව පැවසෙන පුවත් ප්‍රමුඛ තැනක් ගෙන ඇත.

ඒ සම්බන්ධයෙන්  ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතා පැවසුවේ ඕස්ට්‍රේලියාවේදී පසුගිය වසරේ පැවැති විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වූ නළු නිළියන්ට සහ හිතවතුන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මුදල් වියදම් කර ඇතැයි ඔප්පු කළහොත් තනතුරුවලින් ඉල්ලා අස්වන බවය.

එම තරගාවලියට සහභාගි වූ නළු නිළියන්ට සහ හිතවතුන්ට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ලිපි නිකුත් කර ඇති බවත් එසේ වුවද ඔවුන් වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කිසිඳු මුදලක් වියදම් කර නොමැති බවත් සභාපතිවරයා කීය.

එම මාධ්‍ය හමුවට සහභාගි වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උප සභාපති ජයන්ත ධර්මදාස මහතා පැවසුවේ අදාල නළු නිළියන් සමඟ තමන් ඇතමුන් කියන ආකාරයේ ගමන් බිමන්වලට සහභාගි වී නොමැති බවත් ඔවුන් වෙනුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් මුදල් වියදම් කර නොමැති බවත්ය.‍

මෙම ප්‍රකාශයන් ප්‍රතික්ෂේප කරන බොහෝ සමාජ මාධ්‍ය පුවත් අදාල නිළියන්ට ගුවන් ටිකට්පත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මුදල් වලින් ලබාගත් බවට කරුණු අනාවරණය කර තිබූ බව අපට දැක ගත හැකි වූවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here