2022 ක්‍රීඩාවට කාර්යබහුල වසරක්… අභියෝග ජයගෙන ශ්‍රී ලංකාව ක්‍රීඩාවෙන් ඉහලටම ගෙනඒමට කැප වෙනවා. – අමාත්‍ය නාමල් රාජපක්ෂ –

0
664

කණිෂ්ඨ මලල ක්‍රීඩා සංචිතයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්, ඔවුන්ගේ දෙමාපියන් සහ පුහුණුකරුවන් සමග අද (04) දින ජාතික ක්‍රීඩා සභාවේ පැවති සාකච්ඡාවෙන් අනතුරුව අමාත්‍යවරයා මේ බව පැවසීය.

එම අවස්ථාවේදි අමාත්‍යවරයා මෙසේ ද කීය.

‘දිගු කාලීන සැළැස්මක් සමග ක්‍රීඩාව සංවර්ධනය කිරීමට කටයුතු ආරම්භ කර අවසන්. ඉදිරියේදී මෙම කණිෂ්ඨ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දක්ෂතා උසස් මට්ටමට ගෙනැවිත් 2024 හා 2028 වර්ෂවල තරගාවලි සදහා සූදානම් කරවීමේ වැඩපිළිවෙළ සම්බන්ධව අද දිනයේ අවුරුදු 20 න් පහළ කණිෂ්ඨ මළල ක්‍රීඩා සංචිතය සමග අපි සාකච්ඡා කළා.

ඒ අනුව දීර්ඝ කාලීනව මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් අධ්‍යයනය හා අධීක්ෂණය කරමින් ඒ ඒ ක්‍රීඩකයින්ට අලුත් තරගාවලි සදහා සහභාගීවීමට අවශ්‍ය පහසුකම් සලසාදෙමින් ඔවුන්ගේ මානසික මට්ටම උසස් තැනකට ගෙනවිත් ඔවුන්ව රැකබලාගෙන ඉහළට රැගෙන යා යුතුයි. මෙලෙස දිගු කාලීන සැළැස්මක එක්කයි මෙම ක්‍රීඩා සංවර්ධන සැළැස්ම ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙන්නේ.

ජාතික ක්‍රීඩා සභාව ඒ වගකීම භාර ගෙන කෙටිකාලීන හා දිගුකාලීන වැඩසටහන් හරහා ඔවුන් ඉලක්කයන් වෙත ගෙන යාමට කටයුතු කරනවා. මේ වන විටත් බොහෝ ක්‍රීඩාවල අපි ඉතා හොද ප්‍රවනතාවයන් සහ ජයග්‍රහණවලට වෙත යාම ආරම්භ කර තිබෙනවා. මෙම තත්ත්වය ආරක්ෂා කරගෙන ලබන වසර වන විට එය වඩාත් දියුණු කිරීමේ අභියෝගය අපි ජය ගන්නවා. කොවිඩ් වසංගත තත්ත්වය ක්‍රීඩාවට එතරම් බලපාන්නේ නැහැ. ලෝකයේ අනෙකුත් රටවල් කොවිඩ් වසංගතය මධ්‍යයේ වුවද ක්‍රීඩාවෙන් ඉදිරියට පැමිණ තිබෙනවා.

කොවිඩ් වසංගත කාලයේ අපි පැරාලිම්පික් රන් පදක්කම ජයග්‍රහණය කළා. කොවිඩ් වසංගතය මධ්‍යයේ ජාත්‍යන්තර වොලිබෝල් ජයග්‍රහණයක් ලබා ගත්තා. පා පන්දු  තරගය අපි ජයග්‍රහණය කළෙත් මේ කාලයේ දීමයි. ක්‍රිකට් ක්‍රීඩාව නැවත ජයග්‍රහණ කරා ගෙන ඒමට හැකි වූණේ කොවිඩ් වසංගත කාල සීමාව තුළයි. පසුගිය ඔලිම්පික් උලෙළ විශාල ලෝක වාර්තා ප්‍රමාණයක් බිහි කරපු ඔලිම්පික් තරගාවලියක් බවට පත් වූණා.

කොවිඩ් වසංගත තත්ත්වය ක්‍රීඩකයාට බලපාන්නේ කෙසේද කියන කාරණය පිළිබඳව සලකා බලමින් ක්‍රීඩකයාත්, අපේ අමාත්‍යාංශයත්, සෞඛ්‍ය අමාත්‍යාංශයත් එක්ව ක්‍රීඩකයින්ගේ සංවර්ධනය සදහා අවශ්‍ය වැඩපිලිවෙළ අපි ක්‍රියාත්මක කරනවා.

මේ වසර ඉතාමත් හොද වසරක් වගේම අභියෝගාත්මක වසරක් ලෙස මම දකිනවා. ක්‍රීඩාව පැත්තෙන් ජාත්‍යන්තර තරගාවලි රැසක් පැවැත්වෙන කාර්‍යබහුල වසරක්. පොදු රාජ්‍ය මණ්ඩලීය ක‍්‍රීඩා තරගාවලිය, ලෝක මලල ක‍්‍රීඩා ශූරතාවලිය, ආසියානු ක‍්‍රීඩා උළෙල, ගෘහස්ථ ලෝක මලල ක‍්‍රීඩා ශූරතාවලිය, ආසියානු ග්‍රොන් ප‍්‍රි තරගමාලාව,ලෝක කණිෂ්ඨ මලල ක‍්‍රීඩා ශූරතාවලිය ශ‍්‍රී ලංකාව සහභාගි වීමට නියමිත ප‍්‍රධාන ජාත්‍යන්තර මලල ක‍්‍රීඩා තරගාවලි  වෙනවා.

මේ වසරේ Asia Cricket Cup පැවැත්වෙනවා.  Football Six Nation තරගාවලිය ශ්‍රී ලංකාවේ පවත්වන්න බලාපොරොත්තු වෙනවා. රග්බි සත්සාමාජික ජාත්‍යන්තර තරගාවලියක් පවත්වන්න කටයුතු සූදානම් කර  තිබෙනවා. එල්ලේ ජනාධිපති කුසලානය ශ්‍රී ලංකාවේ පවත්වනවා. වොලිබෝල් ජාත්‍යන්තර තරගාවලි තුනක් පළමු මාස තුන ඇතුළත ලංකාවේ පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබෙනවා. මේ මාසේ Port City හිදී  Sports Events ගණනාවක් පවත්වන්න කටයුතු සූදානම් කර තිබෙනවා. මෙලෙස තරගාවලි රාශියක් පැවැත්වීමට නියමිතයි. මේ සඳහන් කළේ ඒවායින් කිහිපයක් පමණක් බවත් අමාත්‍යවරයා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here