පිට පිටම දෙවැනි වරටත් ලංකා ප්‍රිමියර් ලීග් පන්දුවාර විස්සයි-20 ශූරයින් ලෙස කිරුළු පැළඳීමට තිසර පෙරේරාගේ නායකත්වයෙන් යුතු ජැෆ්නා කිංග්ස් ක්‍රීඩකයෝ ඊයේ (23 දා) රාත්‍රියේදී සමත්වූහ. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මෙහෙයවීමෙන් දෙවැනි වතාවටත් හම්බන්තොට මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගණයේ පැවැති මෙම අවසන් මහ තරගයේදී ගෝල් ග්ලැඩියේටර් පිලට එරෙහිව ලකුණු 23 ක ජයක් වාර්තා කළ ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ශූරතා කුසලාන සමඟ මුදලින් රුපියල් කෝටි 2 ක ජය මල්ලකටද හිමිකම් කීය.
අවසන් මහ තරගයේ වීරයා – අවිෂ්ක ප්‍රනාන්දු
තරගාවලියේ වීරයා – අවිෂ්ක ප්‍රනාන්දු
තරගාවලියේ නැගී එන ක්‍රීඩකයා – ජනිත් ලියනගේ (දඹුල්ල ජයන්ට්ස්)
ශක්තිවන්තම ක්‍රීඩකයා – තිසර පෙරේරා
![](http://sportshub.lk/wp-content/uploads/2021/12/123-8.jpg)