දෙවැනි එල්.පී.එල්. තරගාවලියේ ශතකයක් ලද පළමු පිතිකරුවා බවට අවිෂ්ක ප්‍රනාන්දු පත්වීමත්, එම ඉනිම ප්‍රධාන කොට එල්.පී.එල්. තරග ඉතිහාසයේ පළමු කඩුල්ල වෙනුවෙන් වාර්තා වුණු ඉහළම කඩුල්ලේ සම්බන්ධතාවත් හේතුවෙන් අවසන් මහ තරගයට සුදුසුකම් ලබා ගැනීම සඳහා දඹුල්ල ජයන්ට්ස් පිලට එරෙහිව පැවැති දෙවැනි සුදුසුකම් ලැබීමේ තරගයෙන් ලකුණු 23 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ජැෆ්නා කිංග්ස් ක්‍රීඩකයෝ ඊයේ (21 දා) රාත්‍රියේදී සමත්වූහ.
එම ජයග්‍රයණයත් සමඟ පළමු එල්.පී.එල්. තරගාවලියේ කාබන් කොපියක් බඳු දෙසැම්බර් මස 23 වැනිදා පැවැත්වීමට නියමිත අවසන් මහ තරගයේදී ජැෆ්නා කිංග්ස් සහ ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායම් 2021 ශූරතා කුසලාන වෙනුවෙන් උරෙනුර ගැටෙනු ඇත.
ප්‍රතිවාදී නායකයාගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ජැෆ්නා කිංග්ස් පිල නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 4 කට ලකුණු 211 ක අභියෝගයක් දඹුල්ල ජයන්ට්ස් පිල හමුවේ තැබූ අතර එය හඹා යෑමේදී නියමිත පන්දුවාර 20 අවසනදී කඩුලු 9 ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 187 ක් පමණි.
තරගයේ වීරයා – අවිෂ්ක ප්‍රනාන්දු
ලකුණු සාරාංශය
ජැෆ්නා කිංග්ස් පන්දුවාර 20 කදී කඩුලු 4 ට ලකුණු 210 යි – (අවිෂ්ක ප්‍රනාන්දු 100, රාමනුල්ලා ගුර්බාස් 70, ටොම් කොලර්-කැඩ්මෝර් 15, තිසර පෙරේරා 11*, ළහිරු සමරකෝන් 30/2, මර්චන් ඩි ලැන්ග් 47/1)
දඹුල්ල ජයන්ට්ස් පන්දුවාර 20 කදී කඩුලු 9 ට ලකුණු 187 යි – (පිල් සෝල්ට් 22, නිරෝෂන් දික්වැල්ල 18, සඳුන් වීරක්කොඩි 12, නජිබුල්ලා සද්‍රාන් 21, චාමික කරුණාරත්න 75, ජේඩ්න් සීල්ස් 24/3, තිසර පෙරේරා 50/2, මහීෂ් තීක්ෂණ 23/2, වනිඳු හසරංග 32/1, සුරංග ලක්මාල් 25/1)