ශ‍්‍රී ලංකා සුපර් ලීග් පාපන්දු තරගාවලියේ බ්ලූ ස්ටාර්, කොළඹ සහ සී හෝර්ක්ස් පෙරමුණේ.

0
215

ශ‍්‍රී ලංකා සුපර් ලීග් පාපන්දු තරගාවලියේ 06 වැනි සතිය නිමා වන විට පෙරමුණ ගැනීමට කණ්ඩායම් ත‍්‍රිත්වයක් සමත්ව සිටී.

කළුතර බ්ලූ ස්ටාර් පාපන්දු සමාජය, කොළඹ පාපන්දු සමාජය සහ සී හෝර්ක්ස් පාපන්දු සමාජය එම කණ්ඩායම් වෙති.තරග 06 කට සහභාගි වෙමින් ඔවුන් ලබා ගෙන ඇති ප‍්‍රසාද ලකුණු සංඛ්‍යාව 13 බැගිනි.

තරග 04 ක් බැගින් ජය ගනිමින් හා එක් තරගය බැගින් ජය පරාජයෙන් තොරව අවසන් කර ගනිමින් මෙම ප‍්‍රසාද ලකුණු 13 සටහන් කර ගැනීමට එම කණ්ඩායම් සමත් විය.

ප‍්‍රසාද ලකුණු 10 කට හිමිකම් කියන නාවලපිටිය අප් කන්ටි‍්‍ර ලයන්ස් සමාජය 04 ස්ථානය තහවුරු කරගෙන සිටින අතර ඔවුන් ලබාගෙන ඇති ජයග‍්‍රහණ සංඛ්‍යාව 03 කි.

ඩිෆෙන්ඩර්ස් සමාජය එක් ජයග‍්‍රහණයක් වාර්තා කර ගෙන ඇති අතර කොළඹ රිනවුන් සමාජය, පානදුර රෙඞ් ස්ටාර්ස් සමාජය සහ වෙන්නප්පුව නිව් යංග්ස් සමාජය තරග 02 බැගින් ජය ගැනීමට සමත් විය.

මෙතෙක් මුහුණ දුන් තරග ආශ‍්‍රිතව එකදු ජයග‍්‍රහණයක් හෝ සටහන් කර ගැනීමට බ්ලූ ඊගල්ස් සමාජයට සහ කොළඹ රත්නම් සමාජයට නොහැකි වීම කැපී පෙනේ.

ශ‍්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ මෙහෙයවීමෙන් ක‍්‍රියාත්මක කෙරෙන මෙම තරගාවලිය තුළ සෑම කණ්ඩායමක්ම තවත් තරග 03 කට සහභාගි වීමට නියමිතව තිබේ. ඒ අනුව ඉදිරියට පැවැත්වීමට නියමිතව ඇති තරග 15 තුළ ආරම්භක සුපර් ලීග් තරගාවලියේ ශූරයන් තීරණය කෙරෙනු ඇත.

𝐒𝐫𝐢 𝐋𝐚𝐧𝐤𝐚 𝐒𝐮𝐩𝐞𝐫 𝐋𝐞𝐚𝐠𝐮𝐞 𝟐𝟎𝟐𝟏 – 𝐏𝐨𝐢𝐧𝐭𝐬 𝐓𝐚𝐛𝐥𝐞

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here