ශ්‍රී ලංකා 19න් පහළ පිල දකුණු ආසියා කාන්තා පාපන්දු ශූරතාවලියට පිටත් වෙයි

0
463

බංග්ලාදේශයේ පැවැත්වෙන වයස අවුරුදු 19න් පහළ දකුණු ආසියා කාන්තා පාපන්දු ශූරතාවලියට සහභාගී වන ශ්‍රී ලංකා පිල ඊයේ ඩකා නුවර බලා පිටත්ව ගියේය. ලීග් ක්‍රමයට පැවැත්වෙන මේ ශූරතාවලියේ ඉහළම දක්ෂතා දක්වන කණ්ඩායම් දෙක අතර අවසන් මහා තරගය ලබන 22 වැනිදා බංග්ලාදේශයේ ඩකා නුවර ශ්‍රීසෙත සඩීඩ් ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට කටයුතු සංවිධාන කොට ඇත.

ශ්‍රී ලංකාව, ඉන්දියාව, භූතානය, බංග්ලාදේශය හා නේපාලය යන රටවල් මේ ශූරතාවලියට සහභාගීවන අතර ශ්‍රී ලංකාව මුල්ම තරගයට භූතානය සමඟ අනිද්දා (11) පිවිසෙයි. දෙවැනි තරගය 13 වැනිදා රාත්‍රී 7ට ඉන්දියාව සමඟ පැවැත්වේ. ශ්‍රී ලංකා – නේපාල තරගය 15 වැනිදා පස්වරු 3ට පැවැත්වෙන අතර 19 වැනිදා ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර තරගය පැවැත්වීමට නියමිතය.

ශ්‍රී ලංකා 19න් පහළ කණ්ඩායමට ඉමාෂා වර්ණකුලසූරිය, මෙත්මිණී ඒකනායක, කුමාරී මධුෂාණී, සංකලනී බණ්ඩාර, හිරුණි භාග්‍යා, විශ්මිකා බණ්ඩාර, කාවින්දි ජයකොඩි, තරින්දි ජනිත්‍යා, හසිනි කෞෂල්‍යා, රන්සිරි වැලිවිට, ජොකිතා උර්තිකුමාර්, කිරුශාන්තනී රකුතාස්, වැලන්ටිනා මාරියන්කාම්, තර්මිකා සිවනේෂ්වරන්, අනුත්තරා කහටපිටිය, සෙව්මාලී ද සිල්වා, සෙනුරි කාවින්ද්‍යා, මාලිකා ශානී, සදරුවනී බණ්ඩාර, රශ්මිකා කවීෂා, සන්දීපනී ද සිල්වා, නිසංසලා කුමාරිහාමී, ගීත්මා සෙනුරි බණ්ඩාර ඇතුලත්ව සිටිති.

කණ්ඩායමේ පුහුණුකරු ලෙස මංජුල සිරිසේන සහය පුහුණු කාර්ය මණ්ඩලයේ මේනකා දිසානායක හා ඩී.කේ. සමරසිංහ යන මහත්ම මහත්මීහු කටයුතු කරති. ගෝල් කීපර් පුහුණුකරු රංජිත් හෙට්ටිආරච්චි, කළමනාකරු රුවන් චාමර, යෝග්‍යතා පුහුණුකරු මාකස් ෆෙරෙයිරා, භෞතචිකිත්සක ගංගා ජයසුන්දර, තේරීම් කමිටු සාමාජික ෆාරුක් හසීම්ඩීන්, පාසල් නියෝජිත පත්මාන්තී සෙල්ලා යන මහත්ම මහත්මීහුද ශූරතාවලියට එක්ව සිටිති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here