ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයට නව බීච් වොලිබෝල් ක්‍රීඩාංගණයක්

0
376

ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයෙහි බීච් වොලිබෝල් පුහුණු කටයුතු සහ තරගාවලි සඳහා නව බීච් වොලිබෝල් ක්‍රීඩාංගණයක් ඉදිකිරීමට අදාළ ගිවිසුම අද දින ක්‍රීඩා අමාත්‍යාංශයේදී අත්සන් කරන ලදි. එහිදී ක්‍රීඩා අමාත්‍යාංශය වෙනුවෙන් ලේකම් අනුරාධ විජේකෝන් මැතිතුමන් ද ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනය වෙනුවෙන් ප්‍රධාන ලේකම් A. S. නාලක මහතාද ගිවිසුමට අත්සන් කරන ලදී.

මෙම බීච් වොලිබෝල් ක්‍රීඩාංගණය ගාල්ල වොලිබෝල් හවුස් ක්‍රීඩාංගණය ඉදිරිපිට මුහුදු වෙරලෙ ඉදිවේ.

මෙම ගිවිසුම හුවමාරු කර ගන්නා අවස්ථාවට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය මහතා ද ක්‍රීඩා අමාත්‍යාංශයේ අතිරේක ලේකම් තරංගනී වික්‍රමසිංහ මහත්මිය ද ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ උප සභාපති සී රත්න මුදලි මහතාද විධායක කමිටු සාමාජික ප්‍රභාත් ඉන්දික මහතා සහභාගී විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here