අගමැති කුසලාන සිව්කොන් පාපන්දු තරගාවලියේ සිව්වෙනි තරගයෙන් සීෂෙල්ස් කණ්ඩායම ජයගනී.

0
371

සීෂෙල්ස්,බංග්ලාදේශ ,මාලදිවයින සහ ශ්‍රී ලංකා සමග පැවැත්වෙන අගමැති කුසලාන සිව්කොන් පාපන්දු තරගාවලියේ ඊයේ (13) පැවති සිව්වැනි තරගයෙන් ගෝල 1-0ක් ලෙස ජයග්‍රහණය හිමිකර ගන්නට සීෂෙල්ස් ක්‍රීඩකයින් සමත් වුනා.

ඒ සත්කාරක ශ්‍රී ලංකා ක්‍රීඩකයින් පරාජය කරමින්.
කොළඹ තුරඟ තරග පිටියේ දී පැවැත්වෙන මෙම තරගාවලියේ මාලදිවයින සමඟ ශ්‍රී ලංකාව ක්‍රීඩා කළ පළමු තරගය ගෝල 4-4ක් ලෙස සමව නිමා පත්විය.

තරගය අරම්භයේ දී බංග්ලාදේශය ප්‍රසාද ලකුණු 4ක් සමඟ ප්‍රථම ස්ථානයේත්, ශ්‍රී ලංකාව, සීෂෙල්ස් සහ මාලදිවයින එක් ප්‍රසාද ලකුණ බැගින් වාර්තා කරමින් සම ස්ථානවලත් පසු වුනා.

ශ්‍රී ලංකාව සහභාගී වන මීළඟ තරගය එළඹෙන 16 වැනිදා බංග්ලාදේශය සමඟින් රාත්‍රි 9.00 ආරම්භ වීමට නියමිතයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here