අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අභියෝග කුසලාන සිව්කොන් ජාත්‍යන්තර පාපන්දු තරගාවලියේ තරග දෙකක් අද පැවැත්වේ.

0
471

අග‍්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ අභියෝග කුසලාන සිව්කොන් ජාත්‍යන්තර පාපන්දු තරගාවලියේ තරග දෙකක් අද (13) දින කොළඹ හතේ රීඞ් මාවතේ පිහිටි තුරඟ තරග පිටියේදී පැවැත්වේ.

පස්වරු 04.00 ට තරගාවලියේ තෙවන තරගය බංග්ලාදේශයට එරෙහිව මාලදිවයින තරග වැදීමට නියමිතය.

සිව් වැනි තරගය ශ‍්‍රී ලංකාව සහ සීෂෙල්ස් අතර අද රාත‍්‍රී 09.00 ට ආරම්භ කෙරේ.

ශ්‍රී ලංකාව සත්කාරක රට ලෙස මෙවර තරගාවලියේ අවසාන මහා තරගය දක්වා පිවිසීමට නම් අද දිනයේ දී සීෂෙල්ස් පිලට එරෙහිව ක‍්‍රීඩකයන්ගේ උපරිම දක්ෂතාවය ප‍්‍රදර්ශනය විය යුතුමය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here