නව ලෝක වාර්තාවක් ද සමගින් ශ්‍රී ලංකාව ඉතිහාසයේ පළමු පැරාලිම්පික් රන් පදක්කම ජයග්‍රහණය කරයි.

0
447

මෑත ඉතිහාසයේ ක්‍රීඩාවෙන් ලද සුවිශේෂී ම ජයග්‍රහණය වාර්තා කරමින් මෙවර ජපානයේ පැවැත්වෙන 2020 ටෝකියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ දී F 46 කාණ්ඩයේ පිරිමි හෙල්ල විසි කිරීමේ තරග ඉසව්වෙන් රන් පදක්කම ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමේ නායක දිනේෂ් ප්‍රියන්ත හේරත් ක්‍රීඩකයා සමත් විය.

පසුගිය පැරාලිම්පික් තරගාවලියේ දී මෙම ඉසව්වෙන් රන් පදක්කම දිනූ ඉන්දීය ක්‍රීඩක ජජාරියා දේවේන්ද්‍රගේ වාර්තාව බිදහෙලමින් මීටර 67.79ක් ලෙස නව ලෝක වාර්තාවක් සමග දිනේෂ් ප්‍රියන්ත ක්‍රීඩකයා ඔහුගේ හොඳම දක්ෂතාව මෙවර තරගාවලියේ දී දක්වමින් රන් පදක්කම ජයගහ්‍රණය කිරීමට හැකිවීම සුවිශේෂි කරුණකි.

35 හැවිරිදි දිනේෂ් ප්‍රියන්ත ක්‍රීඩකයා 2016 වසරේ බ්‍රසීලයේ පැවති රියෝ පැරාලිම්පික් ක්‍රීඩා උළෙලේ දී මෙම ඉසව්ව නියෝජනය කරමින් ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කම හිමිකරදීමට සමත් වූ අතර, තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මැතිතුමාගේ නව වැඩපිළිවෙළත් සමග ඔහු සිය දක්ෂතා ඔප්නංවා ගනිමින් මෙවර තරගාවලියේ දී රන් පදක්කම ශ්‍රී ලංකාවට දිනාදීමට සමත් විය‍.

තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වීඩියෝ තාක්ෂණය ඔස්සේ දිනේෂ් ප්‍රියන්ත හේරත් ක්‍රීඩකයාට සුභ පැතුම් එක් කරන ලදි.

F 46 කාණ්ඩයේ පිරිමි හෙල්ල විසි කිරීමේ ඉසව්වේ පදක්කම් සටහන

  1. රන් පදක්කම – ශ්‍රී ලංකාව – දිනේෂ් ප්‍රියන්ත හේරත් ක්‍රීඩකයා – 67.79m
  2. රිදී පදක්කම – ඉන්දියාව – ජජාරියා දේවේන්ද්‍ර ක්‍රීඩකයා – 64.35m
  3. ලෝකඩ පදක්කම – ඉන්දියාව – සුන්දර් සිං ගුර්ජාර් – 63.30m

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here