ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ක්‍රීඩා යටිතල පහසුකම් දියුණු කිරීමට පියවර ගැනේ.

0
939

ශ්‍රී ලංකාවේ උපාධිය පිරිනමන ප්‍රමුඛතම විශ්ව විද්‍යාල අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය ක්‍රීඩා ක්ෂේත්‍රය වෙනුවෙන් සුවිශේෂී සේවාවක් සිදු කරයි. අ.පො.ස. උ/පෙළ සමතුන්ගෙන් ජාතික හා ජාත්‍යන්තර තරගාවලි සදහා ඉදිරිපත් වූ සිසු දරු දැරියන් උපාධිය සම්පූර්ණ කිරීම සදහා මෙම විශ්ව විද්‍යාල වෙත බදවා ගැනේ. පසුගිය උපාධි කණ්ඩායම් තුල 2016 වසරේ හෙල්ල විසිකිරීමේ ඉසව්වෙන් රියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙල නියෝජනය කළ සුමේධ රණසිංහ ක්‍රීඩකයාද උපාධිය ලබාගැනීම සදහා මෙහි අධ්‍යාපන කටයුතු සිදු කරනු ලබයි.

ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ශ්‍රී ලංකාවට රන්,රදි,ලෝකඩ පදක්කම් දිනා දෙන මෙම ක්‍රීඩක ක්‍රීඩිකාවන් සදහා සුදුසු ක්‍රීඩා පිටියක්, ගෘහස්ථ ක්‍රීඩා පිටියක් නොමැති බවත්,අඩු පාඩු රාශියක් සහිතව ඉතා දුෂ්කර අයුරින් පදක්කම් සදහා ක්‍රීඩා පුහුණු කටයුතු සිදු කරගෙන යන බවත් පසුගිය දිනක එම විශ්ව විද්‍යාලයේ සිසුවෙකුගේ  මුහුණු පොත හරහා පල කළ සටහනක සදහන් විය.  එම සටහන වෙත අවධානය යොමු කල තරුණ හා ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ක්‍රීඩා අංශයේ තිබෙන අඩුපාඩු සොයා බැලීම සදහා කටයුතු කරන බව සදහන් කරන ලදි.

ඒ අනුව අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත ග්‍රාමීය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය තේනුක විදානගමගේ, එම අමාත්‍යාංශ ලේකම් කේ.එච් රවීන්ද්‍ර සමරවික්‍රම, තරුණ හා ක්‍රීඩා අමාත්‍යතුමාගේ සම්බන්ධීකරණ ලේකම්වරු වන රොනි ඊබ්‍රාහිම්, සංජීව විජේරත්න යන මහත්වරුන් ඇතුලු නිළධාරීන් කණ්ඩායමක් අද (23) දින ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය වෙත ගොස්  එහි අඩුපාඩු සොයා බලා විශ්ව විද්‍යාල බලධාරීන්,ක්‍රීඩක ක්‍රීඩිකාවන්, ශිෂ්‍ය නියෝජිතයන් සමගද සාකච්ඡාවක් පවත්වන ලදි. මේ සාකච්ඡාවේදී විශ්ව විද්‍යාලයේ ක්‍රීඩාංගණය ප්‍රතිසංවර්ධනය, නව ක්‍රීඩාගාරයක් ඉදිකිරීම, ශාරීරික සුවතා මධ්‍යස්ථානය වැඩි දියුණු කිරීම ආදී සුවිශේෂී කරුණු ගණනාවක් සාකච්ඡා වූ අතර, එම කටයුතු කඩිනමින් ඉටු කර දීමට කටයුතු යොදන බව දන්වා සිටින ලදි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here