ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පසුගිය ඔක්තොම්බර් 27 දින අනුරාධපුර නුවරවැව ඇවිදින මංතීරුවේ දෛනික ශරීර සුවතා සදහා පැමිණෙන පිරිස හමුවී ඔවුන්ගේ ශාරිරික සුවතා කටයුතු හා අවශ්‍ය පහසුකම් වැඩි දියුණු කිරිම සදහා සාකච්ඡාවක නිරත වූවා. ඒ සාකච්ඡාවේදී පොරොන්දු වූ පරිදි ලබා දුන් අනුරාධපුර නුවරවැව ඇවිදීමේ මංතීරුවේදී පළමු #ජයගමු ශක්ති මධ්‍යස්ථානය රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මැතිතුමා විසින් අද (23) විවෘත කළා. සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවක් අපගේ යහපැවැත්මට පමණක් නොව ජාතියේ යහපැවැත්මට අත්‍යවශ්‍යයි. ඉදිරි වසර 5 තුළ මෙවැනි මධ්‍යස්ථාන 1000 ක් ස්ථාපිත කිරීමට නියමිතයි.