ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන්නකු වශයෙන් කටයුතු කළ නුවන් සොයිසා චෝදනා 03 ක් යටතේ වැරදිකරු යැයි අයි.සී.සී. ආයතනය නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කර සිටියා.
“මේ තීරණය සම්බන්ධයෙන් මම කොහෙත්ම ඒකග වෙන්නේ නෑ. මට වුණු අසාධාරණය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන ලෙස ඉල්ලා සිටියේ මමයි. කිසිම විටෙක මම තරග පාවාදීලා නැහැ. ඒ නිසා ජාත්‍යන්තර ක්‍රීඩා බේරුම්කරණ අධිකරණය දක්වා හෝ මේ සිදුවීම ගෙනගොස් සාධාරණය ලබා ගැනීමට ඉදිරියේදී කටයුතු කරනවා” යැයි අයි.සී.සී. නිවේදනයට පිළිතුරු දෙමින් මාධ්‍ය හමුවේ නුවන් සොයිසා ප්‍රකාශ කර සිටියේය.
අයි.සී.සී. දුෂණ විරෝධී පනතේ වගන්ති අනුව තරග ප්‍රතිඵලය, ප්‍රගතිය, නුසුදුසු ලෙස වෙනස් කිරීමට සැලසුම් කිරීම හා බලපෑම් කිරීමට ඒකගවීම මෙන්ම උත්සාය කිරීම, එසේ කිරීම සදහා දායක වන ලෙසට ඔනෑම කෙනෙකුගෙන් සෘජුවම හෝ වක්‍රව ඉල්ලීම, පොළඹවා ගැනීම, උපදෙස් දීම, ඒත්තු ගන්වීම හා දිරි දීමට අදාලවද, දුෂීත හැසිරීම්වල යෙදීමට ලැබුණු ආරාධනා පිළිබදව දැනුවත් නොකිරීම යන කරුණු සම්බන්ධයෙන් නුවන් සොයිසා වැරදිකරු කර තිබේ.
